English (UK)TamilSriLanka

නැවුම් පුවත්

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

09
Mar2026

CAA Registration of Suppliers 2026 / 2027

Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form  

«
»

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ ස්ථාපිත කොට ඇති වැදගත් අංශයකි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 39 වන වගන්තියට අනුව, වාණිජ, නීති ක්ෂේත්‍රය, ව්‍යාපාරික ව්‍යවසාය කළමනාකරණය, වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගික කටයුතුවල පුළුල් පලපුරුද්දක් ඇති ශාස්ත්‍රඥයන් තිදෙනෙකුගෙන් සමන්විත වන පරිදි ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවිය යුතුය.

    • සභාවේ සාමාජිකයන් අවුරුදු තුනක කාලයක් ධුර දැරිය යුතු වේ.
    • සාමාජිකයන් අතුරින් එක් අයෙකු එහි සභාපති වශයෙන් අමාත්‍යවරයා විසින් නම් කල යුතුය.

සභාවේ ලේකම්වරයෙකු පත් කරනු ලැබිය යුතු අතර, ඔහු සභාවේ සියලු කටයුතුවල වාර්තා තබා ගැනීමද, සභාව විසින් යැවිය යුතු යැයි මේ පනත යටතේ නියම කරනු ලැබ ඇති යම් දැන්වීම් යැවීමද සම්බන්ධයෙන් වගකීම දරන්නේය.

මේ පනත යටතේ සභාව වෙත යොමු කරනු ලබන සියලු ඉල්ලීම් හා යොමු කිරීම් අසා නිශ්චය කිරීම සභාවේ කර්තව්‍යය විය යුතුය.

  • සාදන්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් අධික මිලකට භාණ්ඩ විකුණන බව හෝ සේවා සපයන බව හෝ එකී සාදන්නා හෝ වෙළෙන්දා විසින් එකී භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මේ ආකාරයට වෙළෙදපොළ අයථා පරිදි භාවිත කිරීමක් හෝ වෙනත් යම් වෙළෙදපොළ දෝෂයක් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙනී යන අවස්ථාවක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුට අවශ්‍යයැයි හැඟෙන පරිදි අධිකාරිය විමසීමෙන් සහ
    • ඒ භාන්ඩ හෝ සේවා සැපයීම පොදු ආර්ථික වැදගත් කමකින් යුක්ත වන්නේද යන බව.
    • එම අධික මිල යම් පාරිභෝගික කන්ඩායමක් ‍කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපාන්නේද යන වග.
  • මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, එම කරුණ විමර්ශනය කර වාර්ථා කිරීම සදහා සභාව වෙත පැවරීම.(19 වන වගන්තිය)
    • යම් සාමාජිකයකු හෝ යම් පුද්ගල සංගමයක් හෝ සංවිධානයක් කැමැත්ත දක්වන්නාවු අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, එම සාමාජිකයා, සංගමය හෝ සංවිධානය විසින් කාරණය විමර්ශනය කිරීම සදහා සභාවට යොමු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනු ලැබිය හැක.(22 වන වගන්තිය)
    • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 37 වන වගන්තිය යටතේ තරඟ විරෝධී චර්යාවන් විමර්ශනය කිරිම හා නිශ්චය කිරීම.
    • 37 වන වගන්තිය යටතේ ඉල්ලීමක් සභාව වෙත නොකිරීමට අධිකාරිය තීරණය කරන අවස්ථාවක, ඒ විමර්ශනය කරන ලද්දේ අවස්ථාවෝචිත පරිදි කවර තැනැත්තෙකු හෝ යම් පාරිභෝගික සංවිධානයක හෝ වෙළෙන්දන්ගේ සංගමයක් විසින්ද ඒ තැනැත්තා පාරිභෝගික සංවිධානය හෝ වෙළෙන්දන්ගේ සංගමය විසින් මෙම කරුණ පිළිබඳව විමසා තීරණයක් ලබා දෙන ලෙස සභාව වෙත ලිඛිතව ඉල්ලීමක් කල හැකිය.
යාවත්කාලීනය : 10-09-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.