English (UK)TamilSriLanka

නැවුම් පුවත්

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

09
Mar2026

CAA Registration of Suppliers 2026 / 2027

Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form  

«
»

තරඟකාරීත්ව ප්‍රවර්ධනය

2003 අංක 9 දරන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත
III වන කොටස
තරඟකාරීත්වය සහ පාරිභෝගික සම්බන්ධතා ප්‍රවර්ධනය

  • 34. වගන්තිය
  1. අධිකාරිය විසින් සිය මෙහෙයවීමෙන් ම හෝ යම් තැනැත්තකු හෝ යම් පාරිභෝගික සංවිධානයක හෝ යම් වෙළෙන්දන්ගේ සංගමයක් විසින් එය වෙත කරන ලද පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් මත තරඟ විරෝධී චර්යාවක් ප්‍රචලිතව පැවතීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැකිය.
  2. (1) වන උප වගන්තිය යටතේ වූ විමර්ශනයක්, එය ආරම්භ කිරීමෙන් දින සියයක් ඇතුළත දී සම්පූර්ණ කිරීම අධිකාරියේ කාර්යය විය යුතුය.
  • 35. වගන්තිය

යම් තැනැත්තෙකු ස්වකීය ව්‍යාපාර ක්‍රියාවලියේ දී අනුගමනය කරන ක්‍රියා කලාපය තනිව ගත් කල හෝ ඔහු හා සම්බන්ධ තැනැත්තන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා කලාපය සමග ගත් කල හෝ ශ්‍රී ලංකාව තුළ සේවා සැලසීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් වූ තරඟය සීමා කිරීමේ, විකෘති කිරීමේ හෝ වැළැක්වීමේ ප්‍රතිඵලය ගෙන දෙන, ගෙන දීමට අදහස් කරන ලද හෝ ගෙන දීමට ඉඩ ඇති ක්‍රියා කලාපයක් අනුගමනය කරන අවස්ථාවක, 34 වන වගන්තියේ කාර්යය සඳහා තරඟ විරෝධී චර්යාවක් පවතින ලෙස සැලකිය යුතුය.

තරඟ විරෝධී චර්යා

තරඟ විරෝධී චර්යාවක් සම්බන්ධයෙන් ඔබ විසින් යොමුකරන ලද පැමිණිල්ලක් විසඳීමේදී අධිකාරිය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.

පාරිභෝගික කටයුතු පිළිබ‍ඳ සභාව මඟින් කරනු ලබන විභාගයන්ගෙන් පසු මහජන යහපතට තර්ජනයක් වන ආකාරයේ තරඟ විරෝධී චර්යාවක් පවතින්නේ යැයි හැඟී යන්නේ නම්, එම ක්‍රියාවන් නතර කරවනු ලැබේ. මේ සඳහා දිසා අධීකරණ බලතල අධිකාරිය වෙත පැවරී ඇත.

යාවත්කාලීනය : 13-08-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.