English (UK)TamilSriLanka

නැවුම් පුවත්

14
May2026

Post of Drivers (PL 3) – (05 posts) - Head Office

Apply Now: Vacancies at Consumer Affairs Authority   Closing Date : 25/05/2026  (On or Before)     Post of Drivers (PL 3) – (05 posts) - Head Office   For English News...

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

«
»

හැඳින්වීම

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතන අතුරින් එකකි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත මඟිනි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන අතරම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය පනත මඟින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.

දැක්ම

සදාචාරාත්මක ව්‍යාපාර පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙකු බිහි කිරීම.

මෙහෙවර

පාරිභෝගික සවිබල ගැන්වීම, වෙළෙඳාම විධිමත් කිරීම සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම.

ආයතනික ඉලක්ක

  • වෙළෙඳාම විධිමත් කිරීම තුළින් වඩාත් තෘප්තිමත් වූ පාරිභෝගිකයින් බිහි කිරීම.
  • අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලදී පාරිභෝගිකයාට සහන සැළසීම.
  • අධ්‍යාපනය සහ දැනුවත් කිරීම තුළින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම.
  • තරඟවිරෝධී චර්යාවන්ට එරෙහිව වෙළෙන්දන් හා සාදන්නන් ආරක්ෂා කරමින් යහපත් තරඟකාරිත්ව ප්‍රවර්ධනය කිරීම.
  • අධිකාරියෙහි කටයුතු පුඵල් කිරීම තුළින් ආයතනික සංවර්ධනය ළඟා කර ගැනීම.

ආයතනික සාරධර්ම

  • විශ්වාසනීයත්වය
  • අවංක භාවය සහ ඍජුභාවය
  • වගකීමට බැදී සිටීම
  • කණ්ඩායම් හැඟීම ගරු කිරීම
  • ප්‍රසාදය පළ කිරීම
  • අරමුණු ළඟා කරගැනීම සඳහා කැපවීම
  • විශ්වසනීය ප්‍රතිචාර දැක්වීම
  • නිර්මාණශීලිත්වය සහ නව ක්‍රමෝපායන් භාවිතයට ගැනීම
යාවත්කාලීනය : 15-05-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.