Apply Now: Vacancies at Consumer Affairs Authority Closing Date : 25/05/2026 (On or Before) Post of Drivers (PL 3) – (05 posts) - Head Office For English News...
Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 2003 ජනවාරි මස 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ මේ පනත යටතේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වුවකි. මෙම පනත සම්මත වීමත් සමඟම පහත සඳහන් පනත් අහෝසි විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත බලාත්මක වීමත් සමඟ පැවති සමහර නීති ඉවත්වූ අතර සමහර නීති අලුතින් එකතු විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත නිර්මාණය කිරීමේ මුලික අභිප්‍රාය වුයේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමය. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අධිකාරියේ මුලික ඉලක්කය වේ. අසාධාරණයට ලක්වන පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙදුන්ගේද අයිතිවාසිකම් රැකගැනීම සඳහා අධිකාරිය මැදිහත් වේ. පනත මඟින් භාණ්ඩ හා සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය වෙත පවරා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ පහත සඳහන් කොටස් අන්තර්ගත වේ.